Bikshu university of Sri lanka

Bhiksu University of Sri Lanka, New Elkatuwa Road, Anuradhapura, Sri Lanka Get Directions

Overview

අනුබුදු මහා මහේන්ද්‍ර මහරහතන් වහන්සේ හඳුන්වාදුන් බෞද්ධ සංස්කෘතියට අනුව ගොඩනැගුණු ජයසිරි මහ බෝ සමිඳුන් වහන්සේ, ස්වර්ණමාලී චෛත්‍යරාජයාණන් වහන්සේ ඇතුළත් අටමස්ථාන හා ඓතිහාසික මිහින්තලය ඇතුළත් පුදබිම් ආසන්නයේ ශී‍්‍ර ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය පිහිටා ඇත.

1969 වර්ෂයේ බුද්ධශ‍්‍රාවක ධර්ම පීඨය නමින් ආරම්භවූ මෙම උත්තුංග අධ්‍යාපන ආයතනය 1996 වර්ෂයේ සිට බුද්ධශ‍්‍රාවක භික්‍ෂු විශ්වවිද්‍යාලය නමින් ද 2012 වර්ෂයේ සිට ශී‍්‍ර ලංකා භික්‍ෂු විශ්වවිද්‍යාලය නමින්ද පවතියි. එහෙත් ආරම්භයේදී පැවති පනතේ අරමුණු එසේම පවතියි. පරිපාලන ව්‍යුහයේ දී උත්තරීතර සභාව, පාලක සභාව, සනාතන සභාව සහ අධ්‍යයන කටයුතු මෙහෙයවන පීඨ මණ්ඩල ප‍්‍රධාන වශයෙන් පෙනෙයි. සිසුන්ගේ දැනුම් ක්‍ෂෙත‍්‍රය සපුරාලන සුවිසල් පුස්තකාලය ශිෂ්‍ය ඥානය මැන බලන විභාග අංශය, සරසවි හදවත ශක්තිමත් කරන ඉතා වැදගත් අංශයන් ය. විශ්ව විද්‍යාලයේ මහා මහෝපාධ්‍යායයන් වහන්සේ, ප‍්‍රධාන විධායක නිලධාරියා හා ප‍්‍රධාන ශාස්ත‍්‍රීය නිලධාරියාද වන මහෝපාධ්‍යායයන් වහන්සේත්, සිසුන්ගේ අධ්‍යාපනය මුවහත් කරන පීඨාධිපතිවරුන් අංශ ප‍්‍රධානවරුන් හා අධ්‍යයන කාර්ය මණ්ඩලයත්, ලේඛකාධිකාරි, මූල්‍යාධිකාරි, පුස්තකාලයාධිකාරි, ජේ්‍යෂ්ඨ සහකාර ලේඛකාධිකාරිවරු, සහකාර මූල්‍යාධිකාරි, සහකාර ලේඛකාධිකාරීවරු, විශ්වවිද්‍යාල කාර්ය සාඵල්‍යයේ දී උදව් කරන විවිධ අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ පිරිස වෙති.

Write a Review

Daily Views

Compare Programs
Add programs to compare.